20,000 ක් ආපදාවට-7ක් මරුට-5ක් අතුරුදන්

(කොළඹ, ලංකාපුවත්) – අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට ලක් වු පුද්ගල ගණන 20,000 කට ආසන්න බව බව ආපදා කළමනාකරණ මධ්‍යාස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.

කොළඹ සිට හම්බන්තොට කලාපය, බදුල්ල හා නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමහර ස්ථාන මෙයට ඇතුළත් වන බව ද කොඩිපිලි මහතා කියා සිටියේය.

මේ වන විට පුද්ගලයින් හත්දෙනෙකු මිය ගොස් තවත් පුද්ගලයින් 5 දෙනෙකු අතුරුදන්ව ඇත.

නිවාස පූර්ණ හානි 202 ක් හා අර්ධ හානි නිවාස 3000කට අධික පමණයක් වාර්තා වෙන අතර, සියලු දෙනා වෙනුවෙන් සහන සැළසීම මේ වන විටත් අඛණ්ඩව සිදුවන බව ද කොඩිප්පිලි මහතා පැවසීය.

ඒ හේතුවෙන් පීඩාවට ජනතාවට සහන සැලසීමට ආපදා කළමණාකරණ අමාත්‍යාංශය අඛණ්ඩව කටයුතු සංවිධානය කර තිබේ.

පුද්ගලයින් 1036ක ප්‍රමාණයක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇති අතර මෙම සියලු කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ සහය නොමඳව හිමි වෙන බව ද කොඩිප්පිලි මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *