(කොළඹ, ලංකාපුවත්) – ගල්ගමුවේ දළ පූට්ටුවා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධානාගරගත කෙරිණි.
ඒ, අද(01) පස්වරුවේ ඔවුන් මහව අතිරේක මහේස්ත්රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය. මේ අතරින් සැකකරුවන් පස් දෙනෙකු සියඹලාව, මොරගොල්ලාගම ප්රදේශයේදී ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගැනිණි.
ඒ, නිකවැරටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කළ මෙහෙයුමකදී ය.
ඔවුන් අවුරුදු 20, 38, 26 සහ 43 යන වයස්වල පසුවන සියඹලාව මොරගොල්ලාගම ප්රදේශයේම පදිංචිකරුවන් ය.
එහිදී ඔවුන් සතුව තිබී ඇත් දළ කැපීමට යොදාගන්නා කියත්, ගිනි අවියක් සහ ඇත් දළ කොටස් කිහිපයක් ද සොයා ගැනිණි.
අනෙක් සැකකරු අද පස්වරුවේ අත්අඩංගුවට ගැනුණේ මොරගොල්ලාගම ප්රදේශයේදී ය.
ගල්ගමුවේ දළ පුට්ටුවාගේ බවට සැක කෙරෙන මළ සිරුරක් මීට දින කිහිපයකට පෙර රක්ෂිත ප්රදේශයක තිබී සොයා ගත්තේය. අනතුරුව ඊයේ කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී එම සිරුර දළ පූට්ටුවාගේ බවට තහවුරු විය.
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් ද පරීක්ෂණයක් ද ආරම්භ කර ඇත.