මොරගහකන්ද ජලාශය නැරඹිමට සති අන්තයේ විශාල ජනකායක්

(කොළඹ, ලංකාපුවත්) –පසුගිය සති අන්තයේ මොරගහකන්දජලාශය නැරඹිම සඳහා විශාල ජනකායක් පැමිණ ඇතැයි ව්‍යාපාති කාර්යාලය කියයි.

ජලාශයට ජලය පිරීමත් සමග දිවයිනේ විවිද ප්‍රදේශ වලින් විශාල පිරිසක් ජලාශය නැරඹිම සදහා පැමිනෙමින් සිටින බව මොරගහ කන්ද ජලාශ ව්‍යාපෘතියේ මහජන සම්මබන්ධතා නිළධාරී පී. ජී. දයානන්ද මහතා පැවසීය.

පැමිණෙන සියළු පිරිස් ව්‍යාපාතිය තුළින් දැනුවත් කර ජලාශයේ ප්‍රධාන වේල්ල නැරඹිම සඳහා අවස්ථාව සලසා දී ඇත.

තවදුරටත් ඉහල ජලාධාර ප්‍රදේශ වලින් ජලාශයට ජලය ලැබෙමින් පවතින බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *