අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළ පීඩන අවපාතයක් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – දිවයිනට කිලෝමීටර් 1,300ක් පමණ නැගෙනහිර දෙසින් ගිණිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළ දී පීඩන අවපාතයක් වීමට බොහෝ ඉඩ ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඉදිරි දින කිහිපය තුළ දී මෙම පද්ධතිය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය හරහා උතුරු තමිල්නාඩු – දකුණු අන්ද්‍රා ප්‍රදේශ් වෙරළට ලගාවනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

ඒ අනුව දෙසැම්බර් මස 05 සහ 06 දිනවල මෙම පද්ධතිය ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් දිවයිනට තරමක් ආසන්නයෙන් ගමන් කරනු ඇතැයි ද අනුමාන කරනු ලැබේ.

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නිරන්තර වැසි, තද ප්‍රහාරාත්මක සුළං සහ ඉතා රළු මුහුදු ප්‍රදේශ බලාපොරොත්තු විය හැකි බැවින් ඉදිරි දිනවල දී මෙම මුහුදු ප්‍රදේශයේ ධීවර සහ නාවුක කටයුතුවල යෙදීම අවධානම් සහිත බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරනු ඇත.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *