මැතිව්ස්ගෙන් ටෙස්ට් ශතකයක්

(කොළඹ, ලංකාපුවත්) –සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක ඉන්දීය කණ්ඩායම අතර නවදිල්ලි නුවර ෆේරොස් ෂා කොට්ලා ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේදී සිය 08 වැනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමට ඇන්ජලෝ මැතිව්ස් සමත්විය.

2015 වසරේ අගෝස්තු මසයේදී ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකාවේ කළ තරග සංචාරයේදී මැතිව්ස් ශතකයක් රැස්කිරීමට සමත්වීමෙන් පසුව ඔහු රැස්කළ පළමු ශතකය මෙය වේ.

පන්දු 231කින් වාර්තා වූ මැතිව්ස්ගේ ශතකයට හතරේ පහර 12ක් හා හයේ පහර දෙකක් ඇතුළත් වේ. එසේම ඉනිම 37කට පසුව මැතිව්ස්ගෙන් මෙම ශතකය පැමිණියේය.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 82කදී කඩුලු තුනට ලකු්ණු 212ක් රැස්කරගෙන සිටි. නායක චන්දිමාල් නෙදැවී ලකුණු 61ක් රැස්කරගෙන ඇත.

චන්දිමාල් හා මැතිව්ස් සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 137ක සබඳතාවක් මේ දක්වා පවත්වා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *