තෙවන පාසල් වාරය සිකුරාදා අවසන්

(කොළඹ, ලංකාපුවත්) – 2017 වර්ෂයේ රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරය 2017.12.08 වන සිකුරාදායින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

එසේම 2018 වර්ෂයේ පළමු පාසල් වාරය 2018 ජනවාරි මස 02 වන අඟහරුවාදා ආරම්භ වනු ඇත.

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් මධ්‍යස්ථාන වශයෙන් යොදා ගනු ලබන පාසල් පිළිබඳව පසුව දැනුම් දෙන බව ද අමාත්‍යාංශය සඳහන් කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *