වැස්සේම ශෂී කපූර්ගේ ආදාහනය සිදු කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – අභාවප්ප්‍රාප්ත සුප්‍රකට බොලිවුඩ් නළුවෙකු සහ චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වූ ශෂී කපූර්ට අවසන් ගෞරව දැක්වීම සදහා ඊයේ(04) සන්ධ්‍යාවේ සිට විශාල පිරිසක් පැමිණෙමින් තිබුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

ශෂී කපූර්ගේ සමකාලීන මිතුරෙක් වූ අමිතාබ් බච්චන්, ඔහුගේ පුත් අභිෂේක බච්චන් හා අශ්වර්යා රායි, ශාරුක් ඛාන්, සයිෆ් අලි ඛාන්, රිෂී කපූර්, සංජය දත්, අනිල් කපූර්, නසීර්ඩඩින් ෂා ඇතුළු තවත් බොලිවුඩ් සිනමා නළු නිළියන් නිෂ්පාදකයින් රැසක් මේ අතර සිටි බව වාර්තා වේ.

එසේම අද(05) දිනයේ දී ශෂී කපූර්ගේ අවසන් කටයුතු චාරිත්‍රානුකූලව සැන්ටා කෲස් සුසාන භූමියේදී ආදාහනය කර තිබේ. ආදාහන උත්සවය සදහා රාජ්‍ය ගෞරවය ද ලබා දීමට පියවර ගෙන ඇත.

ආදාහන කටයුතු සිදු කරන අවස්ථාවේ දී වැසි තත්ත්වයක් ද ඇදවැටුණු අතර අවමංගල්‍ය උත්සවයට පෙර කපූර් නිවසේ දේහය තැන්පත් කර තිබුණි.

ශෂී කපූර් මියයන විට 79වන වියේ පසු විය. රාජ් සහ ශම්මි කපූර් ඔහුගේ වැඩිමහල් සහෝදරයන් විය. නළුවෙකු වූ ප්‍රතීවිරාජ් කපූර් ඔහුගේ පියා විය. කුනාල්, කරන් හා සංජානා ඔහුගේ දරුවන් තිදෙනාය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *