අඩු පීඩන කලාපය, පීඩන අවපාතයකට වර්ධනය වී දිවයිනනේ ඉවතට

(කොළඹ, ලංකාපුවත්) – දිවයිනට කි.මී. 800 පමණ දුරින් මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වී ඇති අඩු පීඩන කලාපය ඉදිරි පැය 12 ඇතුලත පීඩන අවපාතයක් දක්වා වර්ධනය වන ලකුණු ඇති අතර එය වයඹ ‍‍දෙසට බරව දිවයිනෙන් ඉවතට ගමන් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඒ හේතුවෙන් විශේෂයෙන් උතුරු සහ නැගෙනහිර මුහුදුප්‍රදේශ වල සුළගේ වේගය වැඩිවීමේ හැකියාවක් පවතී.

උතුරු, උතුරු-මැද ස හනැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ.සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සවස 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවේ.

බස්නාහිර,සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල,මාතර, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රීක්කවලත් විටින් විට හමන (පැ.කි.මී.50 ක් පමණ) තරමක් තද සුළං බලාපොරොත්තු වියහැකිය.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තදසුළං ඇති වියහැකිය. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දෙපාර්තමේන්තුව දැනුම් දීමක් ද කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *