අවසන් ටෙස්ට් තරඟයේදී වායු දූෂණයෙන් බලපෑම් වුයේ ද යන්න ගැන ICC පරීක්ෂණ

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දිල්ලිහි ෆෙරෝස් ෂා කොට්ලා ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවති අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේදී වායු දූෂණයෙන් බලපෑම් එල්ල වූයේ දැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සොයා බලමින් සිටි.

මෙම ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.

එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හතර දෙනෙකු මෙන්ම ඉන්දීය ක්‍රීඩකයින් කිහිප දෙනෙකුද විවිධ සංකූලතාවලට ලක්විය. ඒ පිළිබද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ශ්‍රී ලංකාව පැමිණිලි කර තිබුණි.

මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පරීක්ෂණ ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා කණ්ඩායම් කළමනාකරු අසංක ගුරුසිංහ මහතා පැවසීය. එහිදී වෛද්‍යවරුන් ලබා දුන් නිර්දේශ නිවැරදි නොවන බව ඉන්දීය මාධ්‍ය පවසා ඇත. ඒ සම්බන්ධයෙන් ද ඉදිරියේ දී පරීක්ෂා කෙරෙනු ඇත.

කෙසේ වෙතත් අනිද්දා(10) දිනයේදී පැවැත්වීමට නියමිත එක්දින තරගය සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ධර්ම්ශාලා ක්‍රිකට් ක්‍රීඩාංගනයේ අද (08)දිනයේදි පුහුණු සැසියකට එක්වීමට නියමිතය. දිවා රාත්‍රී පුහුණු සැසියක් වන එයට සියලු ක්‍රීඩකයින් යහපත් මානසිකත්වයෙන් යුතුව එක්වනු ඇතැයි කණ්ඩායම් කළමනාකරු පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *