අමෙරිකාවේ පාසලක වෙඩි තැබීමකින් තිදෙනෙකු මරුට

(කොළඹ, ලංකාපුවත්) –අමෙරිකාවේ නිව් මෙක්සිකෝ ප්‍රාන්තයේ පාසලක සිදුවූ වෙඩි තැබීමකින් සිසුන් දෙදෙනෙකු ඇතුළු තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

ඇස්ටෙක් ප්‍රදේශයේ උසස් පාසලක මෙම වෙඩි තැබීම සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ජීවිතක්ෂයට පත්වූවන්ගෙන් දෙදෙනෙකු එම පාසලේ සිසුන් වේ.

තුවාලකරුවන් පිළිබද තොරතුරු වාර්තාවී නොමැති අතර ප්‍රහාරකයා ද පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ආරක්ෂක අංශ ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීම හේතුවෙන් ජීවිත හානි සංඛ්‍යාව අවමකර ගැනීමට හැකිවූ බව නිව් මෙක්සිකෝ ප්‍රාන්තයේ ආණ්ඩුකාර සුසානා මාටිනස් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *