ආජන්ටිනා හිටපු ජනාධිපති අත්අඩංගුවට ගන්න නියෝගයක්

(කොළඹ, ලංකාපුවත්) – ආජන්ටිනා හිටපු ජනාධිපති ක්‍රිස්ටිනා කච්නර් අත්අඩංගුවට ගන්නා ලෙස එරට අධිකරණය නියෝග නිකුත් කර ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත.

1994 වසරේ දී සිදු වු බෝම්බ පිපිරීමක් සම්බන්ධයෙන් ඉරාන සම්බන්ධතා වසන් කිරීම ඇයට එරෙහිව ඇති චෝදනාව වේ. එම බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් අසූපස්දෙනෙකු මිය ගොස් තිබුණි.

ඇයට අමතරව විදේශ අමාත්‍යවරයා හා ජනාධිපති පරිපාලන අංශයේ නිලධාරීන් දෙදෙනෙකුද අත්තඩංගුවට ගන්නා ලෙසට නියෝග කර තිබේ.

මෙම ප්‍රහාරය ඉරාන රජයේ ක්‍රියාවක් බව ආජන්ටිනා නීතිඥවරුන් පෙන්වා දෙයි.

හිටපු ජනාධිපතිනිය දැනටමත් ඇගේ ධූර කාලයේදී සිදු කළ දූෂණ හා අක්‍රමිකතාවන් රැසකට චෝදනා ලබා සිටි. කෙසේ වෙතත් ලබන සතියේ තෝරා පත්කර ගැනෙන ආජන්ටිනා සෙනට් මණ්ඩලයටද ඇය පසුගිය වර පැවති ඡන්දයෙන් තේරී පත්ව සිටි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *