චන්දිමාල් හොදම 10 දෙනා අතරට

(කොළඹ, ලංකාපුවත්) –ඉන්දිය ටෙස්ට් තරගාවලියේදි දැක්වූ සාර්ථකත්වය මත ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් හොදම ටෙස්ට් පිතිකරුවන් 10 දෙනා අතරට එක්ව සිටි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ක්‍රීඩක ශ්‍රේණිගත කිරීමට අනුව දිනේෂ් චන්දිමාල් හොදම ටෙස්ට් පිතිකරුවන් අතර 09 වන ස්ථානයට පත්ව තිබේ.

මෙම සටහනේ පළමු ස්ථානයට පත්ව ඇත්තේ ඔස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත‍් ය.

ඉන්දිය නායක විරාට් කෝලි 02 වන ස්ථානයට පත්ව ඇති අතර එංගලන්ත නායක ජෝ රූට් 03 වන ස්ථානයේ පසුවේ.

මීට අමතරව චෙතිස්වර් පුජාරා.කේන් විලියම්සන්,ඩේවිඩ් වෝනර්,හෂීම් අම්ලා,අසාර් අලී හා ඩීන් එල්ගර් හොදම පිතිකරුවන් අතර සිටි. මෙවර විශේෂත්වය වන්නේ හොදම ටෙස්ට් පිතිකරුවන් 10 දෙනා අතර 05 දෙනෙක්ම ටෙස්ට් නායකයන් වීමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *