මහජන බැංකුවේ YES ගිණුම සම්මානයට පාත‍්‍රාවේ

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සන්නාම ඇගයීමට ලක්කරන වාර්ෂික SLIM Brand Excellence 2017 සම්මාන උළෙල පසුගියදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදි පැවැත්විණි.

එහිදි වසරේ විශිෂ්ටතම සේවා සන්නාමයට හිමි ලෝකඩ සම්මානය මහජන බැංකුවේ YES ගිණුමට හිමිවිය.

මෙම අවස්ථාවට මහජන බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි(බැංකු මෙහෙයුම්) බොනිෆස් සිල්වා මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනී(කි‍්‍රයාවලි කළමනාකරණ සහ තත්ව ආරක්ෂණ) රේණුකා ජයසිංහ මහත්මිය, සහකාර සාමාන්‍යාධිකාරි(පුද්ගල කේන්ද්‍රිය බැංකු කටයුතු) සුනිල් ඉලූක්කුඹුර, සහකාර සාමාන්‍යාධිකාරි(අලෙවිකරණ සහ පර්යේෂණ) ඒ.යු.එල්.ඒ අන්සාර් යන මහත්වරුන් ඇතුඵ බැංකු නිලධාරින් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *