හෙට පැය 15 ක් රාජගිරියට ජලය කැපේ

(කොළඹ, ලංකාපුවත්) –අත්‍යාවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් රාජගිරිය ප්‍රදේශයේ හෙට(09) දිනයේදී ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරයි.

ඒ අනුව මොරගස්මුල්ල, රාජගිරිය, ඔබේසේකරපුර,බණ්ඩාරනායකපුර හා රාජගිරියේ සිට නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය හා ඊට සම්බන්ධ සියලු අතුරු මාර්ගවල මෙම ජල කප්පාදුව සිදු වෙනු ඇත.

හෙට(09) පස්වරු 2.00 සිට පසුදින එනම් ඉරිදා(10) අළුයම 5.00 දක්වා පැය 15ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලැබේ.

සිදුවන අපහසුතාවය පිළිබඳව මණ්ඩලය සිය කණගාටුව පළ කරන අතර ජනතාවට ජලය රැස් කර ගන්නා ලෙසට ද නිවේදනය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *