පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන ) පනත්කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මතයි

(කොළඹ, ලංකාපුවත්) –පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන ) පනත්කෙටුම්පත සම්මත කිරීමට ඡන්දය විමසීම ඊයේ (09) පාර්ලිමේන්තුවේ දී සිදු කළේ ය.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන ) පනත්කෙටුම්පත දෙවැනිවර විවාදය ඊයේ පාර්ලිමේන්තුවේ දී ආරම්භ විය.
සංශෝධන පනතට ඡන්දය විමසීමක් සභාවෙන් ඉල්ලා සිටියේ ය.

ඒ අනුව ඡන්දය විමසීම ආරම්භ විය. සංශෝධනයට පක්ෂව ඡන්ද 144 ක් ලැබුණු අතර ඡන්දය දීමෙන්වැළැකී සිටි සංඛ්‍යාව 56 කි.
පසුව එළැඹි තුන්වැනි වර කියවීමේ දී සංශෝධනයට ඡන්දයක් විපක්ෂයෙන් ඉල්ලා සිටියේ ය.

ඒ අනුව තුන්වැනිවර කියවීමට පක්ෂව ඡන්ද 137 ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 49 ක් ලැබුණි. ඡන්දය ලබාදීමෙන් වැළකී සිටි සංඛ්‍යාව08 කි

ඒ අනුව පනත් කෙටුම්පත තෙවැනිවර කියවා සංශෝධිත ආකාරයෙන් සම්මත වූ බව කතානායකවරයා නිවේදනය කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *