(කොළඹ, ලංකාපුවත්) – පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ හමුවක් ඊයේ (09) පස්වරුවේ කෑගල්ලේදී පැවැත්වුණු අතර අද පොළොන්නරුව ප්‍රදේශයට යන අතරතුර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද එම අවස්ථාවට එක් විය.
තම පාසල් මිතුරන් සමග සුහද කථා බහක නිරත වූ ජනාධිපතිතුමා ඔවුන් සමග ඡායාරූප කිහිපයකට ද පෙනී සිටියේය.