සිරියාවේ සිටින රුසියා හමුදා ඉවත් කරන්නැයි රුසියා ජනපතිගෙන් නියෝග

(කොළඹ, ලංකාපුවත්) –සිරියාවේ සිටින තම හමුදා සෙබළුන් ඉවත් කිරීම ආරම්භ කරන ලෙස රුසියා ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් නියෝග කර ඇත.

සිරියාවේ ලටාකියා ප්‍රදේශයේ හමුදා කඳවුරක හදිසි නිරීක්‍ෂණ සංචාරයක් සඳහා එක්වූ අවස්ථාවේ ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

එහි සිටින සෙබළුන්ගෙන් වැඩි පිරිසක් යළි රුසියාවට කැඳවන බව ජනාධිපතිවරයා සදහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඔහු සිරියා ජනාධිපති බෂර් අල් අසාද් සහ එරට හමුදාපතිවරයා සමඟ ද සාකච්ඡා පවත්වා ඇතැයි සදහන් ය. වැඩිදුරටත් අදහස් දැක්වූ පුටින් කියා සිටියේ ත්‍රස්තවාදය යළි හිස එසවුවහොත් රුසියාව ඔවුන්ට නොසිතූ විරූ ප්‍රතිචාරයක් දැක්විය හැකි බවය. සිරියානු රජයේ හමුදාවලට රුසියාවෙන් ප්‍රබල සහායක් හිමිවූ බව සඳහන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *