ජනපතිට කියන්න වැඩසටහන පිදුම් ලද ඊ ස්වාභිමානී රන් සම්මානය ජනපතිට පිළිගන්වයි

(කොළඹ, ලංකාපුවත්) –මහජන ගැටලූ ඝෘජුව ජනාධිපතිවරයා වෙත යොමු කරමින් විසදුම් ලබාදීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලය මගින් ක්‍රියාත්මක කරනු ලබන ,ජනපතිට කියන්න, වැඩසටහන පසුගියදා ඊ ස්වාභිමානී රන් සම්මානයෙන් පිදුම් ලැබීය.

තොරතුරු තාක්ෂණය පොදුජන සේවය වෙනුවෙන් උපරිමයෙන් භාවිතා කිරීම ඇගයීමට ලක්කරමින් ශ්‍රී ලංකා තොරතුරු සහ තාක්ෂණික නියෝජිතායනතය විසින් ,ජනපතිට කියන්න වැඩසටහන, මෙම සම්මානයට පාත්‍ර කරන ලදි. ඊයේ(12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී එම සම්මානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත භාරදෙනු ලැබීය.

විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් වසන්ත දේශප්‍රිය මහතා විසින් සම්මානය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ අතර ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති කුමාරසිංහ සිරිසේන, ජනාධිපති අතිරේක ලේකම් සුනන්ද කාරියප්පෙරුම, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සමන්ති රණසිංහ, ශ්‍රී ලංකා මොබිටෙල් ආයතනයේ ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී සමන් පෙරේරා, සාමාන්‍යාධිකාරී ප්‍රභාත් ගමගේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *