ඉන්දියාවට පහසු ජයක්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවන එක්දින තරගයෙන් ශ්‍රි ලංකාව පරාජය කරමින් ඉන්දියාව 141 ක ජයක් ඊයේ (13) හිමිකර ගනු ලැබීය.

ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දිය කණ්ඩායම නියමිත පන්දුවර 50 අවසානයේ කඩුලු 04 දැවි ලකුණු 393 ලබා ගැනිමට සමත්විය . ඊට පිළිතුරු ඉනිම ක්‍රිඩා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 08 දැවි රැස්කර ගැනිමට සමත්වුයේ ලකුණු 251 ක් පමණි.

තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රි ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහරදිමේ අවස්ථාව ඉන්දියාවට ලබා දුන්නේය . ඒ අනුව පන්දු යැවිම ආරම්භ කළ ශ්‍රඑී ලංකා පන්දු යවන්නන් මුල් පන්දුවාර 10 තුළදි ඉන්දිය පිතිකරුවන් යම් පාලනයකට හසුකර ගත්තාය. පසුව ක්‍රමයෙන් ස්ථාවර වු ඉන්දිය කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය වු නායක රෝහිත් ෂර්මා සහ ශිකර් ධවාන් දැවන්ත ලකුණු ප්‍රමාණයකට අවශ්‍ය අඩිතාලම තැබීය.

ශිකර් ධාවාන් ලකුණු 68 රැස් කරන ලදි. නායක රෝහිත් ෂර්මා විශිෂ්ඨ පිතිකරණයක නිරත වෙමින් නොදැවි ලකුනු 208 ලබා ගත්තේය.

නායක තිසර පෙරේරා ලකුණු 80 දි කඩුලු 03 දවා ගත්තාය.

ලකුණු 393 දැවැන්ත ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම ආරම්භයේ පටන් සිය අසාර්ථකත්වය පෙන්නුම් කළේ. ඉදිරි පෙළ පිතිකරුවන් සිය කඩුල්ල පුජා කලේ ලකුණු හඹායමට ගත් ඉක්මන් තිරණයන් හෙතුවෙනි. එසේ වුවද ඇන්ජලෝ මැතිව්ස් පසු පෙළ ක්‍රිඩකයින් සමඟ එක්ව පන්දුවාර 50 අවසානයේ 251 සිමාවට පැමිණියේ පරිනත සහ කල්පනාකාරි ක්‍රිඩා විශාලය හෙතුවෙනි. ඇන්ජලෝ මැතිව්ස් නොදැවි ලකුණු 111 රැස් කළේය. අසේල ගුණරත්න ලකුණු 34යි.

ඉන්දිය කණ්ඩායමේ දඟපන්දු යවන ක්‍රිඩක යුස්වේන්ද්‍ර චාහල් ලකුණු 60 ක්ට කඩුලු 03 දවා ගත්තාය.

රෝහිත් ෂර්මාගේ එක්දින ක්‍රිකට් දිවියේ තෙවන ද්විත්ව ශතකය ලබා ගැනිමට සමත්විය. එය නව ලෝක වාර්තාවක්ද වේ. මෙම ද්විත්ව ශතක 03 න් දෙකක්ම රෝහිත් ෂර්මා විසින් ලබා ගෙන ඇත්තේ ශ්‍රී ලංකාවට එරෙහිවය.

‍නුවන් ප්‍රදිප් පාන්දුවාර 10 ට එරෙහිව ඉන්දිය පිතිකරුවන් ලකුණු 106 රැස් කළේය. එය එක් දින තරගයකදි ලබාදුන් වැඩිම ලකුණු සංඛ්‍යාව වේ.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තරග 03 සමන්විත එක් දින ක්‍රිකට් තරගාවලියේ එක් තරගය බැගින් කණ්ඩායම් දෙකම ජයගෙන සම තත්වයේ පසු වේ.

තෙවන තරගය ලබන ඉරිදා ආන්ද්‍රප්‍රදේශ් විශාකා පට්නම්හි පැවැත්විමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *