මෙරට තරුණ තරුණියන්ට ජපානයේ තවත් රැකියා අවස්ථා

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාදීම කෙරෙහි ජපානයේ අවධානය යොමුව තිබේ.

මේ දිනවල ජපානයේ සංචාරයක නිරත වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා ජපානයේ කනසාවා ප්‍රාන්ත ආණ්ඩුකාර යූජි කුරොයිවා මහතා හමුවිය. එහිදී ද්වීපාර්ශ්වික සාකච්ඡාවක් ද පැවැත්වුණි.

දෙරටේ අන්‍යෝන්‍ය සබඳතා මෙන්ම වැදගත් කරුණු රැසක් පිළිබඳ එහිදී සාකච්ඡා වී තිබේ.

විශේෂයෙන්ම නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය හරහා මෙරට තරුණ තරුණියන්ට ජපානයේ රැකියා ලබා දීමට හැකි බව කනසාවා ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර ඇත. එය මෙරට තරුණ තරුණියන්ට ඉතා අනගි අවස්ථාවක් බවත්, ඒ පිළිබඳව ස්තූතිවන්ත වන බවත් අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා ප්‍රකාශ කර තිබේ.

මෙම සංචාරය සඳහා ජර්මානු ලංකා කාර්මික අභ්‍යාස ආයතනයේ සභාපති පන්ඩු බණ්ඩාරනායක මහතා ද එක්ව සිටි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *