පොහොට්ටුවේ නාම යෝජනා ප්‍රදේශ කිහිපයකින් විසිවෙයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහරගම හා වැලිගම යන ප්‍රදේශ සඳහා ලබා දුන් නාම යෝජනා ප්‍රතික්ෂේප වී තිබේ.

මහරගම නඟරයේ නාම යෝජනා ප්‍රතික්ෂේප වී තිබෙනේ එක් අපේෂිකාවකගේ තොරතුරු පිරවීමේදී ඇයගේ ස්ත්‍රී පුරුෂ භාවය සටහන් නොකිරීම නිසා බව වාර්තාවේ.

එසේම වැලිගම නගර සභාව සඳහා ඉදිරිපත් කළ නාම යෝජනාව ප්‍රතික්ෂේප වි තිබෙන්නේ නිසි බලධාරියෙකුගේ අනුමැතිය යටතේ ඉදිරිපත් නොකිරීම නිසා ය.

මේ සම්බන්ධයෙන් නැවත වරක් විරෝධතාවයක් ගොනු කිරීමේදී එයද ප්‍රතික්ෂේප වී ඇත.

මේ අතර පානදුර සහ අගලවත්ත ප්‍රදේශවලින් ද නාම යෝජනා ප්‍රතික්ෂේප වී තිබේ.

එසේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල, මහියංගනය, යන ප්‍රදේශීය සභා සඳහා ඉදිරිපත් කළ නාම යෝජනා දෙකද ප්‍රතික්ෂේප වී තිබේ.

බදුල්ල දිස්ත්‍රිකයේ පළාත් පාලන ආයනතන 11 සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 42 ක් සහ ස්වාධීන කණ්ඩායම් 9 ක් නාම යෝජනා ලබා දී ඇති අතර එකම පක්ෂයක සභා දෙකක් මෙලෙස නාම යෝජනා ප්‍රතික්ෂේප වු බව බදුල්ල දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරි නිමල් අබේසිරි මහතා පැවසීය.

මේ අතර ස්වාධීන කණ්ඩායමකද මහියංගනය ප්‍රදේශීය සභා සඳහා නාම යෝජනාව ප්‍රතික්ෂේප වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *