වෙළෙඳාමට බය නැති විවෘත ආර්ථිකයෙන් රට ඉදිරියට ගෙන යනවා – අගමැති

(කොළඹ, ලංකාපුවත්) –වෙළෙඳාමට බය නැති විවෘත ආර්ථිකයක් ඔස්සේ රට ඉදිරියට ගෙන යන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කරයි.

අතීත උරුමය රැකගනිමින් එම වැඩපිළිවෙල ක්‍රියාවට නංවන බවයි අග්‍රාමාත්‍යවරයා පැවසීය. යුරෝපා සංගමය, නෙදර්ලන්තය, ජර්මන් තානාපති කාර්යාලය සහ බ්‍රිතාන්‍ය කවුන්සිලය එක්ව සංවිධාන කරන සජීවී උරුමය වැඩසටහනඊයේ(13)පෙරවරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

ඊට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළකළේය.

“එදා අපි රජරට යුගයේ අපි වෙළඳ ආර්ථිකයක් ඇති කරා නම්, අපි බය නැතුව ලෝකේට මුහුණ දුන්නා නම් යටත් විජිත කාලයේ අපි ලෝකේට වෙළඳ ආර්ථිකයක් ඇති කරා නම් බය නැතුව ලොකේට මුහුණ දුන්නා නම් අපි දැන් කිසිම බයක් නැතුව අනාගතය දිහා බලලා.. ඒවගේම ශක්තිමත් ආර්ථිකයක් හදලා… ඒ එක්කම ඒකට වුවමනා ගෘහ නිර්මාණ ශිල්ප ගොඩනැගිලිත් හදන්නයි බලාපොරොත්තුව.. ඒ ගමන් අපේ අතීතයේ තියෙන සංස්කෘතික ත්‍රිකෝණයේ තියෙන ඒ ගොඩනැගිලිත්, මේ යුගයට අයිති මේ ගොඩනැගිලිත් ආරක්ෂා කරන්ටත්, මේ ගොඩනැගිලිවලින් අළුත් ප්‍රයෝජනයක් අරගෙන සංචාරක ව්‍යාපාර මාර්ගයෙන් තවත් රැකියා ලබා දෙන්නටත් අපි බලාපොරොත්තු වෙනවා… අපි අතීතය ආරක්ෂා කරලා.. අතීතයෙන් අපි ඉගෙන ගමු අපි වෙළඳාමට බය නැති විවෘත ආර්ථිකයක් ඇති කරපු රාජ්‍යක් කියලා ඒක අපි ඉදිරියට ගෙනියමු…”

නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ඇතුළු මහජන නියෝජිතයන්, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *