(කොළඹ, ලංකාපුවත්) – නව කර්මාන්තකරණයන් සමඟ 21 වන සියවසේ මැද භාගයට ඔබින තාක්ෂණය රටට ගෙන එන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කරයි. බියගම ආයෝජන ප්‍රවර්ධන කාලපයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඩි ලා රු ලංකා මුදල් සහ ආරක්ෂිත මුද්‍රන පෞද්ගලික සමාගමේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. නිදහසේ 70 වන සංවත්සරය වෙනුවෙන් නිකුත් කරන මුදල් මෙන්ම නව ගමන් බලපත්‍ර මේ දිනවල ඩි ලා රු සමාගමේ මුද්‍රණය කරනු ලබයි. මෙහිදී නව ගමන් බලපත්‍ර වලට මයික්‍රෝ චිප් තාක්ෂණයද ඇතුළත් කරන බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,
“එංගලන්තෙට තියෙන යන්ත්‍ර තමයි අද මේ සමාගමේ තිබෙන්නේ… අපි මෙතන ගමන් බලපත්‍ර මුද්‍රණය කිරීම ලංකා ආණ්ඩුවෙන් දුන්නැයින් පස්සේ… අනාගතයේ වෙනත් රටවල්වල ගමන් බලපත්රත් මෙහාට ලැබෙනවා…. විදේශ ආයෝජන ගෙන්න පමණක් නෙවෙයි තියෙන ව්‍යාපාර ලංකාවේ තරඟකාරීත්වය කරලා විශේෂයෙන්ම ඒ සදහා අපනයනයට යොදවන්ට… අන්න ඒකයි මෙතන කරන්නේ… ඒකෙන් තමයි බලාපොරොත්තු වෙන්නේ ඊළඟ අවුරුදු කිහිපයේ දී මේ රටේ ජනතාවගේ ජීවන තත්වය මීටත් වඩා ශක්තිමත් කරලා අපි අපනයනයට යන්න ඕනේ එහෙනම් මේ කියන වැඩ කටයුතුවලින් මීටත් වඩා විශාල ආදායමක් අපිට ලැබෙනවා… මම හැත්ත හතේ මන්ත්‍රීතුමා වුණාම මෙතන මුකුත් තිබුණේ නෑ… අර හන්දියට කිව්වේ බෙල්ල කපාපු හන්දිය… වෙන එකක් නෙමෙයි… ඒ පොල් වත්ත අරගෙන තමයි අද විශාල කලාපයක් ඇති කරලා නගරයක් ඇති කරේ… ඒ වගේ තමයි කටුනායක ඒක තමයි සීතාවක කරේ… ඒක තමයි කොග්ගල කරේ… ඒවා තමයි අපි නුවර කරේ… මේවා වෙළඳ කලාප දැන් මීට වඩා විශාල ඒවා තමයි දැන් ආරම්භ කරන්ට යන්නේ… අපිට ඕනේ බියගම කලාපේ, කටුනායක කලාපේ මීටත් වඩා තාක්ෂණය තියෙන කලාප විශාල සංඛ්‍යාවක් ලංකාවේ ඇති කරලා කර්මාන්තකරණය 21වන ශත වර්ෂය මැද භාගයට ඔබින තාක්ෂණය ගෙන්න…”