පළාත් පාලන මැතිවරණය පෙබරවාරී 10 වැනිදා

(කොළඹ, ලංකාපුවත්) – පළාත් පාලන මැතිවරණය ලබන පෙබරවාරි 10 වනදා පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

මැතිවරණ කොමිෂන් කාර්යාලයේ අද (18) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළ අතර ඒ සඳහා වන ගැසට් නිවේදන ලබන දෙසැම්බර් 26 වැනි නිකුත් කිරීමට නියමිත බව ද සභාපතිවරයා සඳහන් කළේය.

රාජ්‍ය අන්‍රග්‍රහයෙන් පැවැත්වෙන පොදු උත්සවවලදී තරග කරන ලද පක්ෂ/ ස්වාධීන කණ්ඩායම්/ අපේක්ෂකයින් ප්‍රවර්ධනය කෙරෙන හෝ අගතියට පත් කරන ක්‍රියාවලිය හා කථා පැවැත්වීමේ අවශ්‍යතාව පිළිබඳ සියලුම අදාළ පාර්ශවයන් දැනුවත් කර තිබෙන බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *