KIDE ප්‍රදර්ශනයේ දී ශ්‍රී ලාංකීය යොවුන් නව නිපැයුම්කරුවන්ගෙන් විශිෂ්ඨ දස්කම්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම මගින් සංවිධානය කරන ලද “ සහසක් නිමැවුම් – 2017” ජාතික නව නිපැයුම් ප්‍රදර්ශනයේදී පාසල් අංශයෙන් ජයග්‍රහණය කළ නව නිපැයුම් 13ක් ශ්‍රී ලංකා නව නිපැයුම් කරුවන්ගේ කොමිසමේ පූර්ණ අනුග්‍රහය සහ මගපෙන්වීම යටතේ, දෙසැම්බර් 08 සිට 10 දක්වා තායිවානයේදී පැවති Kaohsiung International Invention and Design EXPO (KIDE) – 2017 ප්‍රදර්ශනයට එක්කිරීමට එම නිර්මාණ කරුවන්ට අවස්ථාව ලැබිණි.

නව නිපැයුම් සඳහා වූ ලොව ප්‍රමුඛතම ආයතනයක් වන ලෝක නව නිපැයුම් බුද්ධිමය දේපල සංවිධානය (WIIPA) විසින් KIDE – 2017 ප්‍රදර්ශනය සංවිධානය කරන ලද අතර ඒ සඳහා රටවල් 26ක් නියෝජනය කරමින් නව නිපැයුම්කරුවන් 399ක් සහභාගී වූහ.

ප්‍රදර්ශනයේදී ශ්‍රී ලාංකීය යොවුන් නව නිපැයුම්කරුවන්ගේ විශිෂ්ඨ දක්ෂතා විශේෂ ඇගයීමට ලක්වූ අතර “හොඳම අන්තර්ජාතික යොවුන් නව නිපැයුම්කරු” සඳහා වන සම්මානය “KIDE – 2017” දිනා ගැනීමට, “ජීව අඟුරු සහ ප්ලාස්ටික් මිශ්‍රණය” නමැති නව නිපැයුම ඉදිරිපත් කළ ජේ. එම්. ලහිරු කාවින්ද සහ ජේ. එම්. අයේෂා දේවින්දි සමත් විය. මෙම විශිෂ්ඨ සම්මානය ද සමඟින් ප්‍රදර්ශනයට සහභාගී වූ ශ්‍රී ලාංකීය යොවුන් නව නිපැයුම්කරුවන් සියලු දෙනාම සම්මානයට පාත්‍ර වූ අතර ඔවුන් විසින් රන් පදක්කම් 5ක්, රිදී පදක්කම් 6ක් සහ ලෝකඩ පදක්කම් 2ක් දිනාගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා නව නිපැයුම් කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් වන ආචාර්ය මහේෂ් එදිරිසිංහ මහතා මෙම ප්‍රදර්ශනයේ නව නිපැයුම් ඇගයීමේ කටයුතු සඳහා ජූරි සභිකයෙකු වශයෙන් ලෝක නව නිපැයුම් බුද්ධිමය දේපල සංවිධානය විසින් පත් කර තිබීමද විශේෂත්වයකි. මෙය ඔහු අන්තර්ජාතික නව නිපැයුම් ප්‍රදර්ශනයක නව නිපැයුම් ඇගයීමේ කටයුතු සඳහා ජූරි සභිකයෙකු ලෙස කටයුතු කරන තෙවන අවස්ථාවයි.

මෙම ප්‍රදර්ශනයට සහභාගී වූ සියලුම ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන් සඳහා ලියාපදිංචි ගාස්තු, ගුවන් ටිකට්පත්, නවාතැන් සහ අනෙකුත් සියලු පහසුකම් සඳහාවූ වියදම් ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම මඟින් දරන ලදි.

එමෙන්ම මෙම ප්‍රදර්ශනයේදී ශ්‍රී ලාංකීය යොවුන් නව නිපැයුම්කරුවන් ක්‍රෝඒෂියානු, ඉන්දුනීසියානු සහ මැකාඕ රාජ්‍යයන් මඟින් පිරිනමන ලද විශේෂ සම්මානයන්ගෙන්ද පිදුම් ලැබීය. ශ්‍රී ලාංකීය යොවුන් නව නිපැයුම්කරුවන් විසින් ලබාගත් සම්මාන පහතින් දැක්වේ.

ශිෂ්‍ය නව නිපැයුම්කරුගේ නම

නව නිපැයුම

සම්මානය

පාසල

ජේ. එම්. ළහිරු කාවින්ද                   ජේ. එම්. අයේෂා දේවින්දි       

ජීව අඟුරු සහ ප්ලාස්ටික් මිශ්‍රණය

සූර” ශාක විස, සත්ව විෂ සහ ශාක හඳුනා ගැනීමේ නාමකරණ පද්ධතිය

නායයෑම් වළක්වන ජීව ඉන්ධන අමුද්‍රව්‍ය සපයන ජීව වැට

මාර්ග හා පරිසර නීති ක්‍රියාත්මක කිරීමට උපකාරී වන බහුකාර්ය තත්ත්ව පරීක්ෂණ උපකරණය

සෞඛ්‍ය අවධානම් පෙර දැනුම්දීමේ පද්ධතිය

 

රන් පදක්කම සහ හොඳම ජාත්‍යන්තර නව නිපැයුම්කරු සම්මානය

රන් පදක්කම

 

රිදී පදක්කම

 

රිදී පදක්කම

 

 

 

ලෝකඩ පදක්කම

 

 

 

 

මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය

 

විජේකුමාර් කෙශාන්කුමාර          විජේකුමාර් විජිත්කුමාර්

 

කැමරා සවිකරන ලද  අඹ කඩන උපකරණය

 

රන් පදක්කම සහ ක්‍රොඒෂියානු විශේෂ සම්මානය

 

මාතලේ  හින්දු ජාතික පාසල

තිවින්යා රවින්දි ප්‍රේමරත්න

දෙමුහුන් ගෑස් කුකරය

රන් පදක්කම හා මැකාඕ රාජ්‍යයේ විශේෂ සම්මානය

කොළඹ මියුසියස් විද්‍යාලය

 එල්. ඊ. කේ. එම්. රත්නවීර

ද්වීකාර්ය දොර අඟුල

 රන් පදක්කම

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය

 ආර්. සඳළු රංසික සෙනෙවිරත්න

මෝටර් සයිකල් සඳහා ස්වයංක්‍රීය පැති ආධාරකය

රිදී පදක්කම සහ ඉන්දුනීසියානු විශේෂ සම්මානය

කළුතර  ඥානෝදය මහා විද්‍යාලය

කාවින්දි හිරුණි අධිකාරි
කේ. ජී. සචින්තා සරින්දි

ගංවතුර දොර ආවරණය

 රිදී පදක්කම

ගම්පහ යශෝදරා දේවි බාලිකා මහා විද්‍යාලය

ජේ. ඩබ්. තිමිත් නවෝද්‍ය

රෝල්ස් සාදන යන්ත්‍රය

රිදී පදක්කම

කැලණිය ගුරුකුළ විද්‍යාලය

ඩී. එම්. ඒ. සඳමාල් දිසානායක
බී. ඩබ්. එම්. ඩී. ලක්මාල් වික්‍රමසිංහ

 බස් රථ පාපුවරු ආරක්ෂකය

රිදී පදක්කම

බ/ ඔරුබැඳි වැව ද්විතියික පාසල, මහියංගනය

 වී. විශාන්තන්

 

සනීපාරක්ෂකව ම්‍රත්‍රා කිරීමට අදාළ සරල උපකරණයක්

 

ලෝකඩ පදක්කම

 

මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලය

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *