(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ කිසිදු ප්‍රදේශයකින් තේ කර්මාන්තය ආශ්‍රිතව කප්රා බීට්ල් නම් කුරුමිණි විශේෂය පිළිබඳ මෙතෙක් වාර්තා වී නැතැයි ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයේ සභාපති වෛද්‍ය එම් එම් ජේ පී ගවරම්මාන මහතා පවසයි.
එබැවින් තේ නිෂ්පාදකයින් අනිසි බියක් ඇති කර ගත යුතු නැති බව ඒ මහතා සදහන් කළේය.
ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයේ සභාපති වෛද්‍ය එම් එම් ජේ පී ගවරම්මාන මහතා වැඩිදුරටත් මේ පිළිබඳ පැහැදිලි කළේය.
“ඇත්තෙන්ම මෙහිදි සිද්ධ වෙලා තියෙන්නේ කප්රා බීට්ල් නමින් හඳුන්වන විද්‍යාත්මකව අපි කියනවා ප්රගෝඩෝමා ගානේරියම් කියන කුරුමිණි විශේෂය… ඒ සුහුඹුලෙකු ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන ලද තේ අඩංගු බහාලුමක තිබී හමුවීම තමා සිද්ධ වෙලා තියෙන්නේ… එසේ නැතුව ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන ලද තේ වල හෝ තේ අසුරා තිබු අදාළ ඇසුරුම්වල නෙමෙයි මේ සුහුඹුල හම්බුවෙලා තියෙන්නේ… ශ්‍රී ලංකාවෙන් තේ අපනයනය කරන ලද කන්ටේනරයක තිබීලා හමුවී ඇති බව තමා වාර්තා වෙන්නේ… ඉතින් ඒකම මම කියන්න කැමති මේ කප්රා බීට්ල් කියන මේ කුරුමිණි විශේෂය ශ්‍රී ලංකාවේ හෝ තේ වගාවේ හෝ වෙනත් කිසිම වගාවක මෙතෙක් හමු වී නැති කුරුමිණි විශේෂයක්… ඒ එක්කම මම ඉතාමත් වගකීමෙන් කියන්න කැමති ශ්‍රී ලංකාවේ තේ වගාකරුවන් හෝ සෙසු කෘෂි භෝග වගාකරුවන්ට බියක් ඇති කරගත යුතු නෑ… මෙම කප්රා බීට්ල් කියන කුරුමිණියාගේ තර්ජනය ශ්‍රී ලංකාවේ වගාකරුවන්ට නෑ…”