නියෝජ්‍ය ඇමති නිමල් ලන්සා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

අද (19)පෙරවරුවේ අදාල ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම්වරයාට භාරදුන් බව ඔහු සදහන් කළේය.

කරුණු කිහිපයක් මුල් කරගෙන මෙම තීරණය ගත් බව නිමල් ලන්සා මහතා පැවසීය.

විශේෂයෙන් ජාතික ආණ්ඩුවේ කාල සීමාව අවසන් වීමත් එක් හේතුවක් බවත් තමා විපක්ෂයට එක්නොවන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුන සමග එක් නොවන බවත් නිමල් ලන්සා මහතා කියා සිටියේය.

ඉදිරියේදීත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සිටින බවයි නිමල් ලන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *