නිදහස්ව යන සිරකරුවන්ට වෘත්තීය ආධාර

(කොළඹ, ලංකාපුවත්) – බන්ධනාගාර ගතව සිට නිදහස්ව යනු ලබන සිරකරුවන් සදහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව හා ඩෙල්මා සමාගමට අනුබද්ධ එම්.ජේ.ඔෆ්. නැමති පුන්‍යපදනම හා එක්ව එම සිරකරුවන්ගේ ඉදිරි ආනාගතය සාර්ථකව පවත්වා ගෙන යාමේ අරමුණින් සිරකරු පුනරුත්ථාපන වැඩසටහන් යටතේ සිදුකරනු ලබන තවත් එක් ක්‍රියාදාමයක් ලෙස වෘත්තීය ආධාර වැඩසටහන දියත් කරනු ලැබේ.

මෙය ඊයේ(19)බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එච්.එම්.සීධනසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බන්ධනාගාර මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී පවැත්විනි. මේ සදහා MJF පුන්‍ය ආයතනයෙහි සභාපති මෙරින් ජේ ප්‍රනාන්දු මහතා, බන්ධනාගාර කොමසාරිස් (පුනරුත්ථාපන) එමිල් රංජන් ලමාහේවගේ මහතා, ඇතුලු රජයේ නිළධාරීන් හා ඩිල්මා ආයතනයේ මහත්ම මහත්මීන්ද සහභාගී වුහ.

බන්ධනාගාරගතව නිදහස්ව යන රැදවූවන්ගේ ආර්තික දිවිය සවිබල ගැන්වීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

දිවයිනේ සියලු බන්ධනාගාරයන් නියෝජනය වන පරිදි රැදවූවන් තෝරා සම්මුඛ පරීක්ෂණයකට ලක්කර වෘත්තීය ආධාර ලබා දීම සිදුකෙරේ.

මේ වන විට මෙම වැඩසටහන අදියර 09ක් ඔස්සේ බන්ධනාගාර රැදවූවන් 274ක් සඳහා රු 11,159,382.00 වටිනා වෘත්තීය ආධාර ලබාදී ඇත.

ඒ අනුව ඊයේ දින රැදවූවන් 25 දෙනෙකු සඳහා රු. 1550,644.00ක් වටිනා ආධාර ලබාදුන් අතර මේ අනුව රැදවූවන් 299ක් සදහා මේ වන විට ආධාර ලබා දී තිබේ.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *