පළාත් පාලන මැතිවරණයට ඇප තැම්පත් කිරීම අදින් අවසන්

(කොළඹ, ලංකාපුවත්) – පෙබරවාරි 10වනදා පැවැත්වෙන පළාත් පාලන ඡන්ද වීමසීමට අදාළ පළාත් පාලන ආයතන 248ක් සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අද(20) දහවල් 12.00න් අවසන් වේ.

එසේම නාමයෝජනා භාරගැනීම හෙට(21) දහවල් 12.00න් අවසන්වීමට නියමිතය.

අනතුරුව පැය එකහමාරක කාලයක් විරෝධතා දැක්වීම සඳහා අවස්ථාව ලබාදෙනු ඇත. මැතිවරණ කොමිසම සඳහන් කළේ පස්වරු 1.30ට තේරීම්භාර නිළධාරීන් විසින් නාමයෝජනා පිළිබඳ තීරණය ලබාදෙන බවය.

මේ අතර තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම ද ලබන සිකුරාදා අවසන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *