(කොළඹ, ලංකාපුවත්) – පානදුර ප්රාදේශීය සභාව වෙනුවෙන් පොදුජන පෙරමුණ සදහා නාම යෝජනා ලබා දි සිටි අයෙකු වන පානදුර ගල්තුඩේ පදිංචි P.A.D නිමල් අජන්ත වීරසේකර මහතා හෘදයාබාධයක් හේතුවෙන් මිය ගොස් ඇත.
පානදුර මහ රෝහල වෙත ඇතුලත් කිරිමෙන් අනතුරුව ඔහු මියගොස් තිබේ.
මෙම පුද්ගලයා හට මුල් අවස්ථාවේදි නාම යොජනා ලබා දී ඇති බවත් පසුව එය වෙනස් කිරීමට කටයුතු සිදුකිරිමේදි ඇතිවු සිත්තැවුලක් හා කම්පන තත්වයක් මත මෙලෙස හෘදයාබාධයක් ඇතිවි ඇති බවට තොරතුරු වාර්තා වේ.