ජනපති මැදුරේ නත්තල් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

(කොළඹ, ලංකාපුවත්) – කොටුව ජනාධිපති මන්දිරයේ විශේෂ නත්තල් උත්සවය ඊයේ (19) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ජනාධිපති කාර්යාලය විසින් සංවිධානය කර තිබූ මෙම නත්තල් උත්සවය සදහා කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ රදගුරු හිමිපාණන් වහන්සේලා, පූජක පියවරුන් සහ කන්‍යා සොහොයුරියන් එක්ව සිටියහ.

මෙහිදී විශේෂ අනුශාසනාවක් සිදු කළ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ කිතු උපතේ ස්වභාවයත් සමග පරිසරය ආරක්ෂා කර ගැනීම පිළිබද කිතුණු බැතිමතුන්ට පැවරී ඇති වගකීම පෙන්වා දුන්හ.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ ක්‍රියාකාරී ජාතික පරිසර සැලැස්මක් ද සම්පාදනය කරමින් පරිසරය රැක ගැනීම සදහා වූ වගකීම් ඉටුකිරීමට රජය කටයුතු කරමින් සිටින බවයි.

මිනිසාගේ මෙන්ම සියලූ සත්වයින්ගේ යහපත සදහා නූතන පරිසර අභියෝගවලට මුහුණදීමට සියලූදෙනා තම වගකීම් ඉටුකිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේය.

කැරොල් ගීත ඇතුථ විචිත්‍රාංග රැසකින් නත්තල් උත්සවය වර්ණවත් විය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමති පිරිසක් ද මීට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *