නාමයෝජනා භාර ගැනීම අදින් අවසන්

(කොළඹ, ලංකාපුවත්) – පළාත් පාලන අයතන 248කට අදාළ නාමයෝජනා භාර ගැනීම අද (21) දහවල් 12.00න් අවසන් බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

මෙම නාමයෝජනා භාරගැනීමේ දෙවන අදියර පසුගිය 18 වැනි දා ආරම්භ වූ අතර මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා පසුගියදා පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ පෙළපාලි යාම සම්පූර්ණයෙන් ම තහනම් බවයි.

එසේම නාමයෝජනා භාරගැනීමෙන් අනතුරුව පැය 02ක කාලයක් විරෝධතා ගොනු කිරීම සඳහා අවස්ථාව හිමිවනු ඇත.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කලේ නාමයෝජනා භාරගැනීමේ අවසන් දිනය වන අද දින තුළ දිස්ත්‍රික් ලේකම් කාර්යාල වල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවය.

ඒ අනුව 15,000කට ආසන්න පොලිස් නිළධාරීන් පිරිසක් අද දිනයේ ආරක්ෂක කටයුතු සඳහා යොදවා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *