පලමුවනදා සිට කොළඹ නගරය තුළ යාචක වෘත්තියේ යෙදීම තහනම්

(කොළඹ, ලංකාපුවත්) – ලබන පලමුවනදා සිට කොළඹ නගරය තුළ යාචක වෘත්තියේ යෙදීම තහනම් බව මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සදහන් කරයි.

ඔවුන් පුණරුත්තාපනයට හා රැකියා සඳහා යෙදවීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා පැවසීය. අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මේ බව සඳහන් කළේ කොළඹ නගර සභා ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවක දීය.

මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙසේ ද කියා සිටියේය,

” මේ යාචකාරාදීන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයක් අපි ලක්ෂ 800ක් පමණ වියදම් කරලා හදලා තියනවා..මොකද මේ ජනතාව තවදුරටත් මේ පාරවල් වල දුක් විදිය යුතු නෑ මනුෂ්‍යයෝ හැටියට ඒ අයට ජීවත්වීමට සැලැස්වීම අපේ වගකීමක්…ඒ කටයුත්ත අපි ආරම්භ කරලා තියනවා..ජනවාරි 1 වෙනිදා ඉදලා ඒ රැකියාවෙන් ඉවත් වෙන්න..ඒ වගේම ඔබට ආර්ථික දුෂ්කරතාවයක් තියනවා නම් ජීවත් වෙන්න ඇවිල්ලා අපේ නාගරික පුන්‍ය කොමසාරිස්තුමා එතුමා මුණගැසෙන්න..අපි ඒ අයට අවශ්‍ය රැකියා සහ ආදායම් මාර්ග ලබා දීමට කටයුතු කරනවා…ඒ වගේම කරකියා ගනු නොහැකි සියලුම දෙනාව අපි පියවරෙන් පියවර පුනරුත්ථාපනය කරලා කසල බින්දුවට බැස්සුවා වගේ ගවයෝ පාරේ ඉන්න එක බින්දුවට බැස්සුවා වගේ යාචකයොත් කොළඹ නගරයේ බින්දුවට බස්සන්න ඉදිරි කාලයේදී ක්‍රියා කරනවා…”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *