සර්ප දෂ්ඨනය සදහා අපේම ප්‍රතිවිෂ ඖෂධයක් හඳුන්වා දීමට සූදානමක්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ සර්ප දෂ්ඨන වසරකට 80,000ක් වාර්තා වන බවත් ඉන් විෂ ශරීරගතවීම 30,000ක් සිදු වන බවත් මෙය ප්‍රජා සෞඛ්‍යයට මෙන්ම ආර්ථිකයට විශාල බලපෑමක් බවත් ඉදිරියේ දී සර්ප දෂ්ඨනයට ප්‍රතිකාර කිරීමට මෙරටින් ප්‍රතිවිෂ ඖෂධයක් හඳුන්වාදීමට හැකියාව තිබෙන බවත් ජාතික පර්යේෂණ සභාවේ සභාපති,කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ජනක ද සිල්වා මහතා පවසයි.

කැලණිය විශ්වවිද්‍යාලය මඟින් සිදු කළ පර්යේෂණ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා අද (21) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් මහාචාර්ය ජනක ද සිල්වා මහතා මෙසේ පැවසී ය.

සර්ප දෂ්ඨනය ප්‍රජා සෞඛ්‍යයට විශාල ගැටළුවක්. ශ්‍රී ලංකාවේ සිදුවන සර්ප දෂ්ඨනය පිළිබඳව දීර්ග කාලීන පර්යේෂණයක් සිදු කළා. සර්ප දෂ්ඨනය වී රෝහල්ගත වූ රෝගීන්ගේ දත්ත මේ සඳහා යෝදා ගත්ත්තත්, මෙම පරීක්ෂණ ඉන් තවදුරටත් ඉදිරියට ගොස් සිදු කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සර්ප දෂ්ඨනය වසරකර 80,000ක් වාර්තා වෙනවා.ඉන් විෂ ශරීරගතවීම 30,000ක් වෙනවා. මරණයට පත් වන සංඛ්‍යාව 450ක් වසරකට වාර්තා වෙනවා.මේ තත්ත්වය විශාල වශයෙන් ආර්ථිකයට බලපානවා.

සර්ප විෂ සඳහා ප්‍රතිකාර සඳහා රුපියල් බිලියන 1.4ක් වාර්තා වෙනවා. බිලියන 1.ක් රෝහල් වියදම්. මිලියන 600ක් වැය වන්නේ ප්‍රතිවිෂ ඖෂධ සඳහායි. ප්‍රතිවිෂ සඳහා විශාල මුදලක් වැය වෙනවා.

ශ්‍රී ලංකාවේ සර්ප වර්ග 98ක් සිටිනවා.විෂ සහිත සර්ප වර්ග සිටින්නේ හතක් පමණයි. වියළි කලාපයේ විෂ ශරීරගතවීම ඉහළයි. ප්‍රතිවිෂ එකම ප්‍රතිකර්මයයි. ප්‍රතිවිෂ නිසා අතුරු ප්‍රතිඵල ඇති වෙනවා. එය අවම කරගැනීමට අප පර්යේෂණයක් කර ඖෂධකයක් සොයා ගත්තා. එය මිලි ලීටර 0.025ක් අඩු සාන්ද්‍රණයෙන් ලබාදුන් විට අතුරු ආබාධ සියයට 50%කින් අඩු වෙනවා. මේ වනවිට අපටම ආවේණික සර්ප විෂ සඳහා ප්‍රතිවිෂ සකසා ගැනීම පර්යේෂණ සිදු කෙරෙනවා. ඉදිරි වසර දෙක තුළ අපට සුදුසු ප්‍රතිවිෂ ඖෂධයක් සකස් කරගැනීමට හැකියාව ලැබෙන බවද ජනක ද සිල්වා මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *