ක්‍රිකට් පුහුණුකරු ලෙස හතුරුසිංහ වැඩ අරඹයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා ක්‍රිකට් නව පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී ඊයේ(20)නිල වශයෙන් වැඩ භාරගත්තේය.

ඒ වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය හමුවක් පැවති අතර එහිදී හතුරුසිංහ මහතා පැවසුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී මාවතට ගෙන ඒමේ සැලැස්මක් තමන්ට ඇති බවයි.

මෙම අවස්ථාවට නියෝජ්‍ය කතානායක, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *