විදේශ රටවලට යැවීමට සූදානම් වූ මත්ද්‍රව්‍යමය ශාක කොටස් අල්ලයි

(කොළඹ, ලංකාපුවත්) –අමෙරිකාව, බ්‍රිතාන්‍ය රටවල්වලට ග්‍රීන් තේ ලෙසට ප්‍රතිඅපනයනය කිරීමට සූදානම් කර තිබූ මත්ද්‍රව්‍යමය ශාක කොටස් කිලෝ 542ක් කොළඹ නාගලන්වීදිය ප්‍රදේශයේ දී ඊයේ(20) රාත්‍රියේ දී අත්අඩංගුවට ගෙන ඇත.

සැම්බියාවේ සිට ගුවන් මගින් මෙම මත්ද්‍රව්‍යමය ශාඛ කොටස් ගෙන්වා තිබූ බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය සදහන් කළේය.

මුද්‍රණාලයක් මුවාවෙන් පවත්වාගෙන ගොස් ඇත් මෙම ආයතනය තුළ ඇසුරුම් කටයුතුවල නිරත වෙමින් සිටි සැකකරුවෙකු සහ සැකකාරියක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාරිය සහ සැකකරු වයස අවුරුදු 31 සහ 18වයස්වල පසුවන කැලණිය සහ වැල්ලම්පිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

ඔවුන්ව අද(21) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *