(කොළඹ, ලංකාපුවත්) – අප සියල්ලෝම නත්තල් සීයාගේ සුප්‍රසිද්ධම පිනිමුවා වන රතු නහයක් ඇති රුඩොල්ෆ් ගැන අසා ඇත්තෙමු.
සැවොම දන්නා රුඩොල්ෆ්ගේ දිලිසෙන රතු නාසය කතාවලට සීමාවූවක් පමණක් නොවේ.
පිනිමුවන්ගේ නාසය අසල ඇති ඝනකම්ව ඇසිරුනු රුධිර නාල පද්ධතියක් නිසා ඇතැම් පිනිමුවන් රතු නාසයකට හිමිකම් කියයි.
රුධිර නාල වල රුධිරය වැඩි වන විට එය වඩා පැහැදිලිව දිස්වේ. මෙය කතාවල මෙන් පිනිමුවන්ගේ මග ආලෝකමත් නොකලද ආක්ටික් ප්‍රදේශයේ වෙසෙන පිනිමුවන්ගේ දේහයෙන් සිදුවන තාප හුවමාරුව පාලනය කිරීම මගින් දේහ උෂ්ණත්වය පාලනය කිරීමට වැදගත් බව සොයාගෙන ඇත.