බදුල්ලට විශේෂ දුම්රියක්

(කොළඹ, ලංකාපුවත්) – එළඹෙන අලුත් අවුරුද්ද, නත්තල් සමය හා පාසල් නිවාඩු සමය හේතුවෙන් අද (22) සිට ජනවාරි 07වනදා දක්වා කොළඹ කොටුව සිට බදුල්ල දක්වා විශේෂ දුම්රියයක් ධාවනයට යොදවා ඇතැයි අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි විජය සමරසිංහ මහතා පැවසීය.

ඒ අනුව 22, 24, 26, 28, සහ ජනවාරි 2, 4, 6 යන දිනවලින් පෙරවරු 7.03ට කොළඹ කොටුවෙන් පිටත්ව යන දුම්රිය පස්වරු 5.39ට බදුල්ලට ළඟාවීමට කටයුතු යොදා ඇත.

එමෙන් ම 23, 25, 27, 29 සහ ජනවාරි 03, 05, 07 යන දිනවලදී පෙරවරු 7.15ට බදුල්ලෙන් ගමන් ආරම්භ කරන දුම්රිය පස්වරු 6.12ට කොළඹ කොටුව වෙත ළඟාවීමට නියමිතය.

මෙම විශේෂ දුම්රිය නැරඹුම් මැදරියකින්, දෙවන පන්තියේ මැදිරි දෙකකින් හා තුන්වැනි පන්තියේ මැදරි දෙකකින් යුක්ත වේ.

දුම්රිය සාමාන්‍යාධිකාරි මහානාම අබේවික්‍රම මහතාගේ උපදෙස් හා ජනතාවගේ ඉල්ලීම පරිදි මෙලෙස සාමාන්‍ය දිනවලදී ධාවනය වන දුම්රියයන්ට අමතර ව විශේෂ දුම්රියක් ධාවනයට යොදවා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *