රාහුල් කස්ත්‍රෝ ජනපති ධුරයේ රැඳී සිටින කාලය පවසයි

(කොළඹ, ලංකාපුවත්) – ලබන වසරේ අප්‍රේල් 19 වනදා දක්වා පමණක් තමන් ජනාධිපති ධුරයේ රැඳී සිටින බව කියුබානු ජනාධිපති රාහුල් කස්ත්‍රෝ පවසයි.

රාහුල් කස්ත්‍රෝ ජනපති ධුරයෙන් නිල වශයෙන් විශ්‍රාමයාමට නියමිත දිනට වඩා මාස දෙකක් ඔහු ඒ අනුව ජනාධිපති ධුරයේ කටයුතු කරනු ඇත.

කියුබාවට බලපෑ ඉර්මා සුළි කුණාටුව හේතුවෙන් ජනාධිපතිවරණය කල් දමන බව රජය නිවේදනය කර තිබේ. ඒ සමගම කස්ත්‍රෝ මෙම ප්‍රකාශය සිදුකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මේවන විට 86 වන වියෙහි පසුවන කියුබානු ජනාධිපතිවරයා 2006 වසරේ සිට කියුබානු නායකත්වය දරන්නේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් තම සොයුරා වූ පිදෙල් කස්ත්‍රෝ ධුරයෙන් ඉවත්වීමෙන් පසුවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *