නත්තලේ විශේෂ අවධානය‍ දරුවන්ට දෙන්න

(කොළඹ, ලංකාපුවත්) – නත්තලේ විශේෂ අවධානය‍ දරුවන්ට ලබා දෙන්නැ යි අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ සිය නත්තල් දින පණිවුඩය මගින් සදහන් කරයි.

ඒම සම්පූර්ණ පණිවුඩය,

බෙත්ලෙහෙම් පුරයේ ජනාකීර්ණ නගරයෙන් ඈත, පාළු හුදෙකලා ගවමඩුවක උපදින්නට උන් වහන්සේ තීරණය කළේත් මේ නිරහංකාර බව පිළිබඳ ලොවට කියාපාන්නටයි. එසේ නම්, දිළිඳුන්ට මහලු වැඩිහිටියන්ට ජීවිතයේ අසරණ වූ මිනිසුන්ට අනේක විධ පීඩා විඳින දරුවන්ට, මේ නත්තලේ දී අපේ දයාව කරුණාව පිරි ආදරය යොමු ක‍රමු.

සෑම මනුෂ්‍යයකුටම ගරු කරමු. මිනිස් ජීවිතවලට ආදරය කරමු. සතුට මගේ පමණක්යැයි නොසිතා, සෑම කෙනෙක් අතරේම බෙදාගනිමු. මනුෂ්‍යයකුගේ වටිනාකම තිබෙන්නේ ඔහු සතු දේ තුළ නොව, ඔහුගේ පැවැත්මේ වටිනාකම තුළ බව නිතර සිහි තබාගනිමු.

නත්තලේ ප්‍රීතිය භුක්ති විඳින අතර පරිසරය විනාශ නොකරන ලෙසත්, පොලිතීන් හෝ සැරසිලි අවභාවිත නොකරන ලෙසත් මා ඔබෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා.

ඒ වගේම මේ නත්තලේ ඉපදුණු ජේසු බිලිඳුන්ගේ නාමයෙන් මා ඔබෙන් ඉල්ලා සිටින ලොකුම පරිත්‍යාගය නම්, ඔබ දන්නා නොදන්නා කවර දරුවකුට වුවත් හිංසා නොකරන්න. ආදරයෙන් උදවුවෙන් ඔවුන් නඟා සිටුවන්න. දරුවන්ට ගරු කරන්න. එවිටයි, ජේසු බිලිඳුන්ට ආදරය කරන ඔබ, උන් වහන්සේ වෙනුවෙන් නත්තල අර්ථවත් ලෙස ගත කළා වන්නේ.

ඔබ සැමට ප්‍රීතිමත් නත්තලක් වේවා! ජේසු පිහිටයි!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *