(කොළඹ, ලංකාපුවත්) –වැලිකඩ මං සන්ධියෙන් කොළඹට ඇතුළුවීම හා පිටවීම මං තීරු 02කට සීමා කිරීමට සිදුවන බව පොලිස් මූලස්ථානය පවසයි.
වැලිකඩ ගුවන් පාළම ආශ්රිතව සිදුකරන මාර්ග සංවර්ධන කටයුත්තක් හේතුවෙන් මාර්ග අවහිරතාවක් ඇතිවිය හැකි බැවින් රථ වාහන ගමනාගමනය සීමා කිරීමට සිදුවන බව පොලීසිය සඳහන් කළේය.
එම නිසා ඉඳිකිරීම් කටයුතු අවසන් වන තෙක් මහජනතාවට හා රියදුරන්ට සිදුවන අපහසුතාවය මඟ හරවා ගැනීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය මහජනතාවට දැනුම් දෙයි.