සංචාරකයන්ගේ ආරක්ෂාව ගැන ලංකාව ඉදිරියෙන් – ඇමති සාගල

(කොළඹ, ලංකාපුවත්) – සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ඉහළ ස්ථානයක් ලැබී තිබෙන බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය. අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ 2017 අයවැය යෝජනා අනුව සංචාරක පොලීසියට යතුරු පැදි සහ බීච් රෝවර් රථ ලබා දීම වෙනුවෙන් නිදහස් චත්‍රරශ්‍ර පරිශ්‍රයේ දී අද ( 26 ) පැවැති උත්සවයෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.

එම අවස්ථාවේ දී සංචාරක පොලීසිය වෙත ට්‍රේල් වර්ගයේ යතුරු පැදි 18 ක්, සාමාන්‍ය යතුරු පැදි 02 ක් සහ බීච් රෝවර් රථ 04 ක් ලබා දුනි.එම රථවාහන පොලිස් රථවාහන කොට්ටාසයටත්, සීගිරිය, අරුගම්බේ, අනුරාධපුර, මීගමුව, මොරගල්ල, පොළාන්නරුව, පාසිකුඩා, නාරිගම සහ මහනුවර යන සංචාරක පොලිස් මුරපොලවලටත් බොදා දෙන ලදී.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සාගල රත්නායක මහතා මෙසේද කීය.

“ සංචාරක ව්‍යාපාරය ශ්‍රීලංකාවේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙන්න පටන් අරන් තියෙනවා. ඒ වගේම වේගයෙන් වර්ධනය වෙමින් තිබෙනවා. සංචාරකයෙන් සංචාරයක් කරන්න රටක් තෝර ගද්දි ඒ රටේ දි සංචාරකයන්ට තියෙන ආරක්ෂෘව පිළිබඳ විශේෂ සැලකිල්ලක් දක්වනවා. ඒ අනුව තමයි මොක රටේද සංචාරය කරන්නේ කියලා තීරණය කරන්නේ. සංචාරකයන්ට දෙන ආරක්ෂාව පිළිබඳ ඉහළ තක්සේරුවක් ශ්‍රී ලංකාවට ලැබිලා තියෙනවා. ඒ ආරක්ෂාව අපි තවත් තහවුරු කරන්න ඕන. විශේෂයෙනම සංචාරකයින් මෙරටට එන ප්‍රමාණය වර්ධනය කරන්න විශාල වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් සිටින අවස්ථාවේ අපි තවත් මේ පිළිබඳ උනන්දුව දක්වලා තමයි සංචාරක පොලිස් කොට්ටාසය දියුණු කරන්න පටන් ගත්තේ. 2017 වර්ෂයේ අයවැයේ යෝජනාවකට අනුව අපිට රැපියල් මිලියන 50 ක් ලැබිලා තියෙනවා. මේ කරපු ටයුතු වෙනුවෙන් සංචාරක අමාත්‍යතුමාටත්, සංචාරක මණ්ඩලයේ සභාපතිතුමාටත් ස්තූතිවන්න වෙනවා. ඒ වගේම අපි කියන්න කැමතියි සංචාරකයන්ගේ ආරක්ෂාව තවත් තහවරු කරන්න අපි කටයුතු කරනවා.” යැයි සාගල රත්නායක මහතා කීය.

එම අවස්ථාවේ දී අදහස් දැක්වූ සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා මෙසේ කීය.

“ පොලිසිය භාර ඇමතිතුමත්, සංචාරක ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපතිතුමත් අපි සියලුම දෙනා මේ කාර්යයට එකතු වුණා. විශේෂයෙන්ම අපේ අමාත්‍යංශයෙන් මිලියන 50 ක් දුන්නා මේ වෙනුවෙන්. ඒකත් මදි. මොකද අද වෙනකොට ශ්‍රී ලංකාවේ හතර දිග්භාගයේම සංචාරකයෝ ගමන්කරන්නේ. මේ විදිහට සංචාරකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීම අපේ සංචාරක ව්‍යාපාරයේ සුවිශේෂ අවස්ථාවක් විදිහට මම සලකනවා. ඒ වගේම ලබන අවුරුද්දෙදි අපි තවත් මිලියන 50 ක් සංචාරක පොලීසියට ලබා දෙන්න අපි කටයුතු කරනවා. මොකද මේ කාර්ය ඉතාම වැදගත් කාර්යයක්.” යැයි අමාත්‍ය ජෝන් අමරතුංග මහතතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *