සල්මන් ඛාන් වැඩිම ආදායම් ලැයිස්තුවේ පළමු තැනට

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාවේ වැඩිම ආදායම් ලබන කීර්තිමත් පුද්ගලයින් අතර ප්‍රමුඛස්ථානය දිනා ගැනීමට සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන් යළි සමත්ව අැත.

සුප්‍රකට ෆෝබ්ස් සඟරාව ඔහුට එම කිරුළ ලබා දී ඇත්තේ අඛණ්ඩව දෙවැනි වතාවට ය. 51 හැවිරිදි සල්මන් ඛාන් පසුගිය වසරේ ලබා ඇති ආදායම ඉන්දීය රුපියල් කෝටි 233කි.

ප්‍රේමයේ රජු ලෙස ඉන්දීය සිනමා ලෝලීන් හඳුන්වන සුපිරි නළු ශාරුක් ඛාන් ෆෝබ්ස් ලැයිස්තුවේ දෙවැනි ස්ථානය හිමි කර ගෙන තිෙබ්. පසුගිය වසරේ ඔහු ලබා ඇති ආදායම රුපියල් කෝටි 170කි. පසුගියදා යුග දිවියට පත් ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි රුපියල් කෝටි 100ක ආදායම් වාර්තා පිහිටුවමින් ලැයිස්තුවේ තුන්වැනි ස්ථානයට පත්ව සිටි.

පළමු දස දෙනා අතරට ඇතුළත් එකම කාන්තාව වන්නේ ජනප්‍රිය නිලි ප්‍රියංකා චෝප්රා ය. ඇය ඉන්දීය රුපියල් කෝටි 68ක වාර්තාගත ආදායමක් පසුගිය වසරේ උපයා තිෙබ්. සුපිරි ඉන්දීය පිතිකරුවෙකු වූ සචින් තෙන්දුල්කාර් ද ෆෝබ්ස් ලැයිස්තුවේ පළමු පස්දෙනා අතරට ඇතුළත් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *