නොවැම්බර් අග සිට මත්ස්‍ය අපනයනයේ සියයට 45.9ක වර්ධනයක්

(කොළඹ, ලංකාපුවත්) –යුරෝපා සංගමයේ තහනම ඉවත් කිරීමෙන් පසු 2017 නොවැම්බර් අග සිට මත්ස්‍ය අපනයනයේ සියයට 45.9ක වර්ධනයක් පවතින බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශ ය සදහන් කරයි.

යුරෝපා සංගමය විසින් එම සංගමයට අයත් රටවලට මෙරට මත්ස්ය අපනයනය සඳහා පනවා තිබු තහනම ඉවත් කරන ලද්දේ 2016 ජුනි මස 22 දිනයි.

එතෙක් 2105 ජනවාරි සිට වසර එකහමාරක කාලයක් තහනම බලපැවැත්වු අතර, එමගින් රුපියල් කෝටි 1800ක පාඩුවක් අප රටට සිදුවිය. නමුත් වර්තමාන රජය බලයට පත්වීමත් සමගම යුරෝපා සංගමය සමග කරන සාකච්ඡාවල ප්ර තිඵලයක් වශයෙන් 2016 වසරේ ජුනි මාසයේ දී යුරෝපා සංගමය විසින් පනවා තිබු මත්ස්යක අපනයන තහනම ඉවත් කරනු ලැබීය.

එතැන් සිට නැවතත් යුරෝපා සංගමයට අයත් රටවලට මෙරට මසුන් අපනයනය කිරීම ඇරඹුනු අතර 2017 අවසන් වන විට එහි කැපී පෙනෙන වර්ධනයක් අත්පත් කර ගැනීමට හැකි වී තිබේ. ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 26වනදා මේ පිළිබඳ සාකච්ඡාවක් අමාත්‍යංශයේ දී පැවැත්විනි.

ඒ අනුව 2017 ජනවාරි මස සිට සැප්තැම්බර් මාසය දක්වා කාලය තුළ මෙරටින් යුරෝපා සංගමයට අයත් රටවලට අපනයනය කරන ලද මසුන් ප්රනමාණය මෙට්රිමක් ටොන් 18,262කි. එහි සමස්ත වටිනාකම රු. මි. 28,685කි. පසුගිය වසරේ අදාල කාල සීමාවට සාපේක්ෂව ගත් කළ අපනයන ප්ර මාණය සියයට 45.9ක වර්ධනයක් පෙන්නුම් කරන අතර අපනයන ආදායමේ වර්ධනය සියයට 47.7කි. එය මේ වසරේ කැපී පෙනෙන අපනයන ආදායම් වර්ධනයක් බව නිලධාරිහු අමාත්යරවරයාට පෙන්වා දුන්හ.

යුරෝපා සංගමයේ අනුමැතිය ලත් අපනයන පිරි සැකසුම් මධ්යරස්ථාන Processing Centers 33ක් ඇතුළු සමස්ත පිරි සැකසුම් මධ්යලස්ථාන 52ක් හා ඇසුරුම් මධ්යළස්ථාන Packaging Units 16ක දායකත්වය මත මත්ස්යප අපනයනය උදෙසා කටයුතු කරන අතර ගුණාත්මකභාවයෙන් ඉහළ මසුන් ශ්රී‍ ලංකාව මගින් අපනයනය කෙරෙන නිසා එම තත්ත්වය විනාශ කර නොගෙන ඉදිරියටත් කටයුතු කරන ලෙස අමාත්යශවරයා මෙහිදී නිලධාරින්ට උපදෙස් දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *