2017 උසස් පෙළ ප්‍ර‍තිඵල එයි

(කොළඹ, ලංකාපුවත්) –2017 වසරට අදාළ ව පැවැත් වූ අ.පො.ස.(උ/පෙළ) විභාගයේ ප්‍රතිඵල අද (28) අන්තර් ජාලයට නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම ප්‍රතිඵල ලබාගත හැකිය.

මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පසුගිය අගෝස්තු මස 08 වනදා සිට සැප්තැම්බර් මස 02 වනදා දක්වා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2230කදි පැවැත්විණි. විභාගය සදහා පෙනී සිටි අපේක්ෂකයින් ගණන 315,227 ක් වේ.

අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයේ ප‍්‍රතිපඵලවලට අනුව ජීව විද්‍යා විෂය ධාරාවේ දිවයිනේ ප‍්‍රථම ස්ථානය හිමිකරගැනීමට මාතර සුජාතා විද්‍යාලයේ දිලිනි සඳුනිකා පලිහක්කාර සමත් වී තිබේ.

එම විෂය ධාරාවේ දෙවන ස්ථානය වෙන්නප්පුව ජෝසප් වාස් මධ්‍ය මහා විද්‍යාලයේ හසිත ගීත් ගුණසිංහ හිමිකරගෙන ඇති අතර තෙවන ස්ථානය කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉෂාන් ශාලුක රාමනායකට හිමිව ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

භෞතික විද්‍යා විෂය ධාරාවේ දිවයිනේ ප‍්‍රථම ස්ථානය යාපනය හාර්ඩ්ලි විද්‍යාලයේ ශ‍්‍රීධරන් දුවාරකන්ට හිමිව ඇති අතර දෙවන ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ පමුදිත හිමාන් සෝමරත්නට හිමිව තිබේ.

භෞතික විද්‍යා විෂය ධාරාවේ තෙවන ස්ථානය යාපනය සාන්ත පැට‍්‍රික් විද්‍යාලයේ ජෙයරාජන් පෝල් ජාන්සන්ට හිමිව ඇත.

වාණිජ විෂය ධාරාවේ දිවයිනේ ප‍්‍රථම ස්ථානය හිමිකතරගෙන ඇතතේ මාතර සුජාතා විද්‍යාලයේ දුලානි රසන්තිකා ශිෂ්‍යාවයි.

එම විෂය ධාරාවේ දෙවන ස්ථානය කොළඹ මියුසියස් විද්‍යාලයේ කෞෂල්‍යා සුභාෂිනී දාබරේ හිමිකරගෙන ඇති අතර තෙවන ස්ථානය කොළඹ සාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ ෆාතිමා අකීලා ඉස්වර් හිමිකරගෙන තිබේ.

කලා විෂය ධාරාවේ දිවයිනේ ප‍්‍රථම ස්ථානය හිමිකරගැනීමට රත්නපුර සද්ධර්මාලංකාර පිරිවෙනේ පූජ්‍ය පත්බේරියේ මුනින්දවංශ හිමි සමත්ව ඇත.

එම විෂය ධාරාවේ දෙවන ස්ථානය කොළඹ සී.එම්.එස් බාලිකා විද්‍යාලයේ සහේලි ආචනා වික‍්‍රමනායක හිමිකරගෙන ඇති අතර තෙවන ස්ථානය රත්නපුර ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලයේ දිල්කි සදූපමා ශිෂ්‍යාව හිමිකරගෙන තිබේ.

ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවේ දිවයිනේ ප‍්‍රථම ස්ථානය හිමිකරගෙන ඇත්තේ මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ පාරමී ප‍්‍රසාදි රන්සිරිනි ශිෂ්‍යාවයි.

ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවේ දෙවන ස්ථානය කඹුරුපිටිය නාරන්දෙණිය මධ්‍යමහා විද්‍යාලයේ ප‍්‍රගති ඉෂාන් මධුෂංක හිමිකරගෙන ඇති අතර, තෙවන ස්ථානය නාරම්මල මයුරපාද මධ්‍යමහා විද්‍යාලයේ පසිදු ලක්ෂාන් හිමිකරගෙන තිබේ.

ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාවේ දිවයිනේ ප‍්‍රථම ස්ථානය රත්නපුර සීවලී මධ්‍යමහා විද්‍යාලයේ ලක්ෂිත චතුරංග හිමිකරගෙන ඇති අතර දෙවන ස්ථානය දෙබරවැව මධ්‍යමහා විද්‍යාලයේ රමේෂා ශ‍්‍රීමාලි හිමිකරගෙන ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එම විෂය ධාරාවේ තෙවන ස්ථානය හිමිකරගෙන ඇත්තේ යාපනය වෙම්බඩි උසස් බාලිකා විද්‍යාලයේ කමලේෂ්වරී සෙන්දිල්නාදන් ශිෂ්‍යාවයි.

පොදු විෂය ධාරාවෙන් දිවයිනේ ප‍්‍රථම ස්ථානය කොළඹ දේවිබාලිකා විද්‍යාලයේ හිරුණි ශාක්‍යා අබේතුංග හිමිකරගෙන ඇති අතර දෙවන ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයේ ශවීන් භාෂිත තිලකරත්න හිමිකරගෙන තිබේ.

එම විෂය ධාරාවේ තෙවන ස්ථානය කඳනා ද මැසනඩ් විද්‍යාලයේ බ‍්‍රැන්ඩන් ඇන්ටනී බයිනස් විසින් හිමිකරගෙන ඇති බව විභාග දෙපාර්තම්න්තුව සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *