ජනපති ඓතිහාසික ශ්‍රී දළදා සමිදුන් වැදපුදාගෙන ආශිර්වාද ලබා ගනී

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ(01) පෙරවරුවේ මහනුවර ඓතිහාසික දළදා සමිදුන් වැද පුදා ගනිමින් උදාවූ නව වසරට ආශිර්වාද ලබාගත්තේය.

අනතුරුව මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රි සුමංගල මහානායක ස්වාමින් වහන්සේ බැහැදැක උන්වහන්සේගේ ද ආශිර්වාදය ලබා ගත්තේය.

අස්ගිරි මහා විහාරය වෙත ගිය ජනාධිපතිතුමා අස්ගිරි මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන මහානායක ස්වාමින් වහන්සේ බැහැ දැක උදා වූ නව වසර වෙනුවෙන් උන්වහන්සේගේ ද ආශිර්වාද ලබාගත්තේය.

අමාත්‍ය එස්.බී. දිසානායක, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක, ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්ම මහත්මීන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *