පිල් සිමන්ස් ඇෆ්ගනිස්ථානයට

(කොළඹ, ලංකාපුවත්) – ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු බටහිර ඉන්දිය කොදෙව් ක්‍රීඩක පිල් සිමන්ස් පත් කොට තිබේ.

මේ අනුව පිල් සිමන්ස් ලබන 08 වනදා සිය නව ධූරයේ වැඩ ආරම්භ කිරීමට නියමිතය.

පෙබරවාරි මාසයේදි ඇෆ්ගනිස්තානය හා සිම්බාබ්වේ අතර එක්දින තරගාවලිය ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ ඇෆ්ගනිස්තානය මුහුන දෙන පළමු තරගය වේ.

2019 ලෝක කුසලානය දක්වා පිල් සිමන්ස් ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇත.

 

 

 

 

 

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *