විදේශීය තැපැල් ගාස්තු සංශෝධනය කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – විදේශීය තැපැල් ගාස්තු සංශෝධනය කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

මේ අනුව විදේශීය ලිපි සඳහා ගාස්තුව රුපියල් 5 කින් ඉහළ නංවා තිබේ. ගුවන් භාණ්ඩ පාර්සල් ගාස්තුව ද අදාළ රට අනුව සංශෝධනය කිරීමට නියමිතය.

ඊයේ(01) සිට මෙම ගාස්තු ක්‍රියාත්මක බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

විදේශීය තැපැල් ගාස්තු වාර්ෂිකව සංශෝධනය කළ යුතු වුව ද 2011 වසරෙන් පසු ගාස්තු සංශෝධනය කර නැති බව තැපැල්පතිවරයා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *