ධීවර සංස්ථා මත්ස්‍ය අලෙවිසැල් 50ක් අලුතෙන් පිහිටුවීමට සැලසුම්

(කොළඹ, ලංකාපුවත්) – මේ වසරේ දී ධීවර සංස්ථා මත්ස්‍ය අලෙවිසැල් 50ක් අලුතෙන් පිහිටුවීමට සැලසුම්කර ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සදහන් කරයි.

පසුගිය වසරේ දී මත්ස්‍ය අස්වැන්න ද සැලකිය යුතු මට්ටමකින් ඉහළගොස් ඇති බව අමාත්‍යාංශය පැවසීය.

පසුගිය වසරේ ජනවාරි සිට සැප්තැම්බර් මාසය දක්වා කාලය තුළ නෙලාගෙන ඇති කරදිය මත්ස්‍ය අස්වැන්න මෙට්‍රික් ටොන් තුන්ලක්ෂ තිස් පන්දහස් හත්සිය පනහක් පමණ වේ. එය 2016 වසරට සාපේක්ෂව සියයට එකයි දශම දෙකක වර්ධනයක් පෙන්නුම් කරන බව ධීවර අමාත්‍යාංශය සදහන් කරයි.

පසුගිය වසර පුරා පැවති අයහපත් කාලගුණ තත්ත්වය මධ්‍යයේ මෙම වර්ධනය වාර්තාවීම විශේෂයකි.

පසුගිය වසරේ දී ගැඹුරු මුහුදේ මත්ස්‍ය කර්මාන්තයෙන් ලබාගෙන ඇති අස්වැන්නේ වර්ධනය ද සියයට නවයයි දශම දෙකක් පමණ වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *