දිවියෙකු සපා කෑම නිසා වතු කම්කරුවන් පිරිසකට තුවාල

(කොළඹ, ලංකාපුවත්) – හැටන් පොල්ස වසමේ පැන්මූර් කොටසේ තේ වත්තක වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසක් දිවියෙකු විසින් සපා කෑම හේතුවෙන් තුවාල ලබා ඊයේ සවස රෝහල් ගත කර තිබේ.

එම පිරිස අතර කාන්තාවන් දෙදෙනෙක් හා පිරිමි පුද්ගලයින් 05දෙනෙකු සිටි. ඔවුන්ව දික්ඔය හා නාවලපිටිය රෝහල්වලට ඇතුලත් කර ඇතැයි හැටන් පොලිසිය පැවසීය.

ඔවුන්ගේ තත්ත්වය බරපතල නොව බව ද වාර්තා වේ.

මෙම පිරිස වයස අවුරුදු 44, 33, 16, 44, 36 සම 60 වයස්වල පසුවන හැටන් ප්‍රදේශයේ පදිංචි කරුවන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *